ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බළ සේනාවේ කාන්තා බළකායට ද්‍රවිඩ තරුණියන් 45 ක් ඇතුළු ආධුනික සෙබළියන් 55 දෙනකු අද (26) වවුනියාව ආරක්ෂක සේනා මූලස්ථානයේ දී බඳවා ගැනීමට කටයුතු කෙරිණි. මේ තරුණියන් අතරින්
දස දෙනකු සිංහල තරුණියන් වන අතර මේ තරුණියන් සියලු දෙනාටම ද්‍රවිඩ භාෂාව හොඳින් හැසිරවිය හැකි අය වීම විශේෂත්වයකි. මහනුවර, මඩකලපුව, වන්නි, මුලතිව් යන ප්‍රදේශවලින් බඳවා ගන්නා මේ තරුණියන්ට මූලික පුහුණුව වවුනියාවේ දී ලබා දේ. බඳවා ගන්නා අංශ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෘත්තිය පුහුණුව වෙනමම ලබා දෙන බව වන්නි යුද හමුදා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා පවසයි.
↧