ලංකාවේ වර්තමානය වනවිට ගැහැනු ශරීර සිනමාව තුළ සම්පූර්ණයෙන්ම නිරුවත් වන්නට පටන් ගන්නේ හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න චිත‍්‍රපටයෙනි.
ඒ සිනමා නිරුවත ආරම්භයෙන් පසු අඩු වැඩි වශයෙන් තරුණ සිනමා නිර්මාණ කරුවෝ ස්ත‍්‍රී නිරුවත මෙන්ම, ලිංගික කි‍්‍රයා කාරකම් සහිත සිනමා නිර්මාණ කිරීමට එඩිතර වූහ.
ඒවායෙහි නිරුවත්ව රගපාන්නට ද නිළියන් ඉදිරිපත්වීම අගය කළ යුතුය. එවන් පසුබිමක සංජීව පුෂ්පකුමාරගේ ඉගිල්ලෙන මාළුවෝ ලංකාවේ ප‍්‍රදර්ශණය කළ සැනින් එය තහනමට ලක්වූවා පමණක් නොව, සංජීවගේ සහ එහි නිෂ්පාදකවරයාගේ ජීවිතයට පවා තර්ජනයක් වන තරමට එය භයානක සිනමා නිර්මාණයක් විය.
එහි රණවිරුවාට අපහාසවනවාය යන්න මූලික හේතුව ලෙස ගෙන මෙය රණවිරුවන්ගේ නාමයෙන් තහනම් කරගන්නට හැකිවිය. නමුත් එහි යටි අර්ථය වෙන එකක් බව දන්නෝ දනිත්. ගයේෂා පෙරේරාගේ සහ සම්පත් ජයවීරගේ ලිංගික සංසර්ගය ඇතුළත් දර්ශණයක් නිසා එය තහනම් කරණ තැනට මගපෑදී ඇති බව කසුකුසුවකි.
එම දර්ශණවල රගපෑවාට පසු ඒවා වෙනත් අර්ථවළින් නොතකා සිනමාවෙන් බැලීමට නොහැකි නළු නිළියන්ද, කලාකරුවන් යැයි කියාගන්නා අයද, විචාරකයින්ද , පේ‍්‍රක්‍ෂකයින් ද සිටින රටක මෙවන් නිර්මාණ කරන්නට පෙර කලාකරුවන්ට නැවත සිතන්නට හැකිවිය යුතුය.
හඳගමගේ තනිතටුවේ අනෝමා එයට පෙනී සිටියේ ඇය එකළ හඳගමගේ බිරිඳ වූ නිසාවන්නට ඇත. ඇයට විචාර හෝ මග තොට යද්දී එය දරා ගන්නට හැකි වන්නට ඇත්තේ හඳගම ඇයට සිටි නිසා වන්නට ඇත.
එහෙත් මේ නළු නිළියන්ට මේවා දරා ගන්නට බැරි වනවා යැයි හිතෙන්නට ඇත්තේ ඔවුන්ට යම් සමාජයීය ආරක්‍ෂාවක් නැතිවන බව සිතන නිසා වන්නට ඇත.
මේ ලිංගික දර්ශණ දැකීමෙන් හැගීම් ඇවිස්සී පිරිමින්ට ගැහැනු ඕනෑ වනවානම් ඒ අප සංස්කෘතියේ වැරැද්දක් මිස නිර්මාණ කරුවාගේ හෝ මේවා රගපාන නළු නිළියන්ගේ වරදක් විය නොහැක