Quantcast
Channel: sinhala hot gossip news gossip 9 lanka news, sinhala hot gossip , sri lanka gossip E gossip news 9
Viewing all articles
Browse latest Browse all 110

'ඉතිහාසයේ ප්‍රථම වතාවට'අල්ලස් සභාපතිට අල්ලස් චෝදනා

$
0
0

'වාහනය එතුමාගේ නමට ලියාපදිංචි කරලා. ආදායම් බලපත්‍ර වෙන අයගේ නම් වල ලියාපදිංචි කරලා'
කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි 2008 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුව සිටියදී රේගුවෙන් රඳවා ගත් වාහන 145 ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් ලබා දුන් නඩු තීන්දුවකට අදාලව එම දූෂණය සිදු වී ඇති බවයි, ජවිපෙ ගොනුකළ පෙත්සමේ සඳහන් වන්නේ.

"ජගත් බාලපටබැඳි මහත්මය, එතුමාම තීන්දුව දෙන්න ඉදිරිපත් වෙච්ච් නඩුවක, වාහන ගෙනල්ල ලංකාවට බද්ධ කිරීමේ ක්‍රියාවලියකට අදාලව වාහන 145ක් ගෙනල්ල බද්ධ කරන්න අවසර දීලා තියෙනවා,"බවයි, පෙත්සම භාරදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කියා සිටියේ.
"ඒ අවසර දීපු එක වාහනයක් එතුමාම ඒ විකුණුම්කරුගෙන්, ඒ ගනුදෙනුවට සම්බන්ධ වෙච්ච් කෙනාගෙන් ලබාගෙන පරිහරණය කරලා තියෙනවා."

කූට ලේඛන

අදාල නඩු තීන්දුවේ සඳහන් කරුණු පසුව එම තීන්දුව දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාම උල්ලංඝනය කොට තිබෙන බව පැවසූ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා, කොමිසමේ සභාපතිවරයා අදාළ වාහනය 2013 වසරේ ජුනි මස දක්‌වාම භාවිත කොට තිබෙන බවද පවසයි.
"වාහනය එතුමාගේ නමට ලියාපදිංචි කරලා. හැබැයි, ආදායම් බලපත්‍ර හා අනිකුත් ලේඛන වෙන අයගේ නම් වලට ලියාපදිංචි කරලා. ඒක සැක සහිතයි. එතුමාම නඩු තීන්දුවේ කියල තියෙනවා එම වහනය එම්පෙරෝර් කියන නමින් පාවිච්චි කරන්න ඕනේ කියල. වෙනත් නම් වලින් පාවිච්චි කරන්න එපා කියල අධිකරණ නියෝගයක් තියෙද්දි ටොයෝටා කොරොල්ලා නමින් පාවිච්චි කරලා තියෙනවා,"යනුවෙන්ද ඔහු පැවසීය.
පසු දාතම් යොදා කූට ලේඛන සැකසීමද මෙහිදී සිදු වී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා, ඒ සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂිද පැමිණිල්ලට ගොනුකළ බව කියා සිටියේය.
සභාපතිවරයා පත් කරන ලද්දේ ජනාධිපතිවරයා බැවින් ඒ පිලිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කළ හැකි වටපිටාවක් සකස් කිරීම රජයේ වගකීම බවද ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

'ඉතිහාසයේ ප්‍රථම වතාවට'

'ඉතිහාසයේ පළ වෙනි වතාවට තමයි සභාපතිවරයාට විරුද්ධව ඒ කොමිසමටම පැමිණිල්ලක් ඉදිරිපත් වෙන්නේ'
"ලංකා ඉතිහාසයේ පළ වෙනි වතාවට තමයි අල්ලස් කොමිසමේ සභාපතිවරයාට විරුද්ධව ඒ කොමිසමටම පැමිණිල්ලක් ඉදිරිපත් වෙන්නේ. දැන් තමන්ට විරුධව පැමිණිල්ලක් තියෙන වෙලාවේදී සදාචාරාත්මකව සභාපතිතුමා කළ යුත්තේ එම චෝදනාවට ලක් වෙච්ච් පුද්ගලයා හැටියට තාවකාලිකව ඉල්ලා අස්වෙන එක."
මෙම චෝදනා පිළිබඳව විමසීම පිණිස සංදේශය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
පැමිණිල්ල සම්බන්ධයෙන් ගොනුවක් ආරම්භ කොට ඇති අතර, අනිකුත් පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට එයද විමර්ශනය සදහා කොමසාරිස්වරුන්ට ඉදිරිපත් කරන බවයි, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ලේකම් WAD ලක්ෂ්මන්, බීබීසී සංදේශය කළ විමසීමේදී කියා සිටියේ.
පැමිණිල්ල විමර්ශනය කිරීම පිලිබඳ අවසාන තීරණය ගත යුත්තේ සභාපතිවරයා ඇතුළු කොමසාරිස්වරුන් බවද ඔහු සඳහන් කළේය.

Viewing all articles
Browse latest Browse all 110

Trending Articles