ඇතෙක්
සිංහයෙක්ට
ගොදුරුවන
දුර්ලභ
අවස්ථාවක්
දඩයම සිංහයෙකුට හුරු දෙයකි. අප සැමට සිංහ දඩයම ගැන නොයෙකුත් කතා හා ඡායාරූප නිසා හුරු පුදුරු දෙයකි. නමුත් කිසිදු දිනක සැබෑවටම දෑසින් සිංහ දඩයමක් දැක තිබෙනවා ද? මේ එවන් දුර්ලභ අවස්තාවක් පිළිබද සටහනකි. සිංහයන් තිදෙනකු විසින් ඇතෙකු ගොදුරු කැර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඡායාරූපයට නැගීමට ස්විට්සර්ලන් ජාතික "හෙයිඩි හා කර්ට් ගාර්"යන දෙදෙනා සමත්ව සිටිති.
මොවුන් දෙපළ සිම්බාබ්වේ වැන්ගේ ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වෙමින් සිටිය දී ඔවුන් මේ දුර්ලභ දසුන දැක තිබේ. ජලය බීමට පැමිණි තරුණ අප්‍රිකානු අලියෙක් පසුපස ලුහුබැද ගිය සිංහයෙක් මේ අලියා පෙරල ගනිද්දී තවත් සිංහයෙක් සහයට පැමිණියේ ය.
සිංහයන් දෙදෙනාට කොටුවූ අලියා මාරාන්තික සටනක නිරත වෙද්දී සිංහ ධේනුවක් ද දඩයමට එක්වීම අලියාගේ පරාජයට හේතුවක් වි ඇත. හෙයිඩි හා කර්ට් පවසන්නේ සිංහයන් විසින් අලියා මරා දැමීමට විනාඩි 40ට ආසන්න කාලයක් ගත කළ බවයි.