සමලිංගික සේවනය අපරාධයක් ලෙසින් විග්රහ කෙරෙන දහනම වැනි සියවසේදී පණවන ලද නීතියක් යලි ස්ථාපිත කරන මෙන් පසුගියදා එළැඹුණු තීන්දුව යලි සලකා බලන මෙන් ඉල්ලා සිටිමින් ඉන්දීය ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කළ තීන්දුව මගින් සැමට සමානව සැලකීමේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කෙරෙන්නේ යයි තමන් විශ්වාස කරන බව පවසන ආණ්ඩුව, එබැවින් එය යලි සලකා බලන මෙන් ඉල්ලීමක් කොට තිබේ.ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව එකට වාසය කරන සමලිංගිකයන්ට සිර දඬුවම් පැණවීමට අවස්ථාව සැලසෙන අතර, සිය ගණනක් සමලිංගික ක්‍රියාධරයෝ එයට එරෙහිව රට පුරාම උද්ඝෝෂණයේ යෙදී සිටියහ.
රටේ නීතිය සංශෝධනය කිරීම පාර්ලිමේන්තුවට අයත් කාර්යයක් බවයි, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වූයේ.